Posts

Showing posts from July, 2021

Archi චැට් (විස්ස) - ඉර එළිය සහ ආර්කිටෙක්චර්

Image
"ආර්කිටෙක්චර් හරහා ගොඩක් දේවල් කියන්න ඕනෙ කියල මම විශ්වාස කරන්නේ නෑ. නිහඬව හිරු එළියටත් සුළඟටත් සාවධානව පවතින්න දීම ප්‍රමාණවත්."  - ටඩාඔ අන්ඩො ආලෝකය කියන්නේ ආර්කිටෙක්චර් සමඟ සෘජුවම සම්බන්ධ වෙන දෙයක්. ස්වාභාවික ආලෝකයෙන් තොරව ආර්කිටෙක්චර්වලට පැවැත්මක් නැහැ. ගොඩනැගිල්ලක ආකෘතිය වගේම අභ්‍යන්තර අවකාශවල ස්වභාවයත් තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි ස්වාභාවික හිරු එළිය. විවධ ගොඩනැගිලිවල භාවිතය අනුව ඒ ඒ ගොඩනැගිල්ල තුළට ලබා ගත යුතු ආලෝක ප්‍රමාණය වෙනස් වෙනවා වුණත්, ස්වාභාවික හිරු එළිය ප්‍රමාණවත් පරිදි  නොවැටෙන අවකාශ තුළ, අඳුරු, ගුප්ත, දූවිලි සහිත, ජීවත් වීමට ප්‍රියමනාප නොවන තත්වයක් ඇති වෙන එක රහසක් නෙමෙයි.  යම්කිසි ගොඩනැගිල්ලක් ඉදිකිරීම කියන්නෙම විවිධ අවශ්‍යතා සඳහා ස්වාභාවික පරිසරයෙන් අවකාශයක් හෝ අවකාශ කිහිපයක් වෙන්කර ගැනීමක්. එමගින් ස්වාභාවිකව පැවතුණු සියලුම තත්වයන් වෙනස් වෙනවා. නමුත් ආර්කිටෙක්චර් කියන්නේ ඒ ඒ අවකාශ තුළට ස්වාභාවික පරිසරයේ අංග පාලනය කරමින් ලබාගැනීම කියලා කියන්නත් පුළුවන්. ස්වාභාවික ආලෝකය සහ ස්වාභාවික වාතාශ්‍රය ඒ අතරින් ඉතාම වැදගත්. ඒ වගේම අවට පරිසරයේ දර්ශනය, අව්ව, වැස්ස,...