Posts

Showing posts from December, 2021

Archi චැට් (විසි තුන) වැස්ස සහ ආර්කිටෙක්චර්

Image
වැස්ස, මේ ලෝකයේ තියන ඉතාම ලස්සන ස්වාභාවික සංසිද්ධියක් තමයි වැස්ස. ඉර අව්ව තරම්ම ප්‍රසාදයට ලක් නොවෙන වැස්සට හැම තිස්සෙම නෝක්කාඩු අහන්න වෙනවා. වැස්සත් අත අරින්නේ නෑ. නෝක්කාඩු අහන තරමටම ආයෙ ආයෙ මිනිසුන් ට වද දෙනවා. ගං වතුර, නාය යාම්, සුළි සුළං, දාරානිපාතව වහින වැස්සත් එක්ක නිතරම කියවෙන සංසිද්ධි. ඔය අතරේ වැස්සත් එක්ක දැඩිව බැඳෙන හරිම රොමෑන්ටික් පිරිසකුත් ඉන්නවා. එයාලට කවි, පොත්, කෝපි, වයින්, ආදරය වගේ දේවල් එක්ක තමයි වැස්ස දැනෙන්නේ. ඇත්තටම පෙනෙන දේ බොඳවෙලා, වැස්සට දියවෙලා යන විදිහ දිහා බලාගෙන එයාලා මේ දැනුත් සතුටින් මොනව හරි ලස්සන දෙයක් කරමින් හෝ සිතමින් ඇති. නිවර්තන කලාපීය රටවල් වලට වැස්ස කියන්නේ අමුතු දුර්ලභ අත්දැකීමක් නෙමෙයි. වැස්සත් එක්ක ඒ රටවල් වල කෘෂිකර්මාන්තය, සංස්කෘතිය, ජීවිතය ඔය හැම දෙයක්ම එකට බැඳිලයි තියෙන්නේ. ලංකාව වගේ ආසියාතික කලාපයේ රටවල් වල ආර්කිටෙක්චර් සම්ප්‍රදායන් වුණත් හැඩගැහිලා තියෙන්නේ වැස්සත් එකක් කොහොමද ගනුදෙනු කරන්නෙ කියන එකත් එක්කයි. සාහිත්‍යය, ආදරය, කලාව වගේ මාතෘකා එක්ක අපි වැස්ස කොච්චර රොමෑන්ටිසයිස් කළත් ආර්කිටෙක්චර් වලට එනකොට ඒක ඊට ටිකක් වෙනස්. මේ කලාපයේ රටවල් වල ...