Archi චැට් (විසි තුන) වැස්ස සහ ආර්කිටෙක්චර්
නිවර්තන කලාපීය රටවල් වලට වැස්ස කියන්නේ අමුතු දුර්ලභ අත්දැකීමක් නෙමෙයි. වැස්සත් එක්ක ඒ රටවල් වල කෘෂිකර්මාන්තය, සංස්කෘතිය, ජීවිතය ඔය හැම දෙයක්ම එකට බැඳිලයි තියෙන්නේ. ලංකාව වගේ ආසියාතික කලාපයේ රටවල් වල ආර්කිටෙක්චර් සම්ප්‍රදායන් වුණත් හැඩගැහිලා තියෙන්නේ වැස්සත් එකක් කොහොමද ගනුදෙනු කරන්නෙ කියන එකත් එක්කයි. සාහිත්‍යය, ආදරය, කලාව වගේ මාතෘකා එක්ක අපි වැස්ස කොච්චර රොමෑන්ටිසයිස් කළත් ආර්කිටෙක්චර් වලට එනකොට ඒක ඊට ටිකක් වෙනස්. මේ කලාපයේ රටවල් වල වැස්ස අපි හිතනවට වඩා ගොඩක් දරුණු විදියට ආර්කිටෙක්චර් වලට ඇතුල් වෙනවා. වැස්සෙන් පරිස්සම් වීම කියන අදහසට මූලිකත්වය දෙමින් තමයි මේ කලාපයේ සම්ප්‍රදායික ආර්කිටෙක්චර් ගොඩනැගිලා තියෙන්නේ. ගොඩනැගිල්ලක් පොළව මට්ටමට වඩා පහළින් පිහිටලා නම් බිම දිගේ ගේ ඇතුලටත්, වහලයේ අගුව නිවැරදි දිගකින් නොමැතිනම් එතනිනුත්, වහලය නිවැරදිව සකසා නැතිනම් ඒ අතරිනුත්, ජනෙල් ඉහලින් ආරක්ෂිත කැනපි නැතිනම් ඒ හරහාත්, වහලය වෙනුවට ටෙරසයක් තිබී, එය නිවැරදිව water proof කර නැතිනම් ඒ හරහාත්, මෙකී නොකී සියලුම තැන් වලින්, ලැබෙන කුඩා අවසරයකින් වැස්ස ඔබේ නිවසට හෝ ගොඩනැගිල්ලට ඇතුලුවී ඔබව අපහසුතාවයට පත්කරන බවට සැකයක් නෑ. වැස්ස ඒ තරමටම සූක්ෂමයි.
ආර්කිටෙක්ට් ලා විසින් නිර්මාණය කරන ගොඩනැගිලි වැස්සට ඔරොත්තු දෙන්නේ නැද්ද? ඔය වගේ මතයක් සමහර වෙලාවට අහන්න ලැබෙනවා. හැබැයි එහෙම වෙනවනම් වෙන්නේ ආර්කිටෙක්ට් කෙනෙක් ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්නේ පුළුවන් තරම් සොබාදහමට අනුගත වෙන විදිහට නිසයි. ගෙදරකට හුළං පොදක්, ඉර එළියක් නොඑන විදිහට හතර අතින්ම වහලා හිරගෙවල් වගේ ගොඩනැගිලි නිර්මාණය කරන එක සුළුදෙයක්. ඒත් ආර්කිටෙක්ට් කෙනෙක් එහෙම නෙමෙයි. ස්වාභාවික තත්ත්වයන්ට අනුගත වෙන විදිහටත්, ගොඩනැගිල්ලක ඇතුලත හැකිතරම් සුවපහසු සහ ජීවත් වීමට උචිත ලෙසත් නිර්මාණය කිරීම තමයි ආර්කිටෙක්ට් කෙනෙක් කරන්න උත්සාහ ගන්නේ. ඒක අභියෝගාත්මක කටයුත්තක්. ඒත් ඉතාම නිර්මාණාත්මක විදිහට සහ කලාත්මක විදිහට ඒ අභියෝග ජයගන්න දක්ෂ ආර්කිටෙක්ට් කෙනෙකුට පුළුවන්.
හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ආර්කිටෙක්ට් කෙනෙක් නිර්මාණය කරන ගොඩනැගිල්ලක් තෙමෙනවා කියලා. වැස්සෙන්, අව්වෙන්, ආරක්ෂා වෙන අතරෙම සොබාදහමෙන් ඈත් නොවූ ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම තමයි ආර්කිටෙක්ට් කෙනෙක් ගේ අභිලාෂය.
වැස්ස සම්බන්ධයෙන් ආර්කිටෙක්චර් වලදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන අංගයක් තමයි වහලය නැත්නම් පියස්ස. පල දෙකේ, හෝ හතරේ වහලය, තනි පලයේ වහලය, ස්ලැබ් වහලය වැනි වහල වර්ග සුලබව දකින්න පුළුවන්. ඔය අතරේ පල පහේ හයේ වගේම පල දොලහේ වගේ මාලිගා පන්නයේ වහලත් නැතුවම නෙමෙයි. පැරණි ගොඩනැගිලි වල පල දෙකේ හෝ හතරේ වහලය භාවිතා කරලා තියෙන්නේ වැස්සෙන් ආරක්ෂාවීම මූලික සාධකයක් වුණු නිසයි. නිවැරදි ආනතිය නැත්නම් roof angle එකට එසේ පල දෙකේ හෝ හතරේ වහලයක් යොදාගැනීම තමයි ඉතා උචිතම ක්‍රමය. තනි පලයේ වහලයක් නම් එක පැත්තක් ඉහලට නිරාවරණය වෙන නිසා ගොඩනැගිල්ල ඇතුල හෝ ජනෙල් දොරවල් වැස්සට තෙමෙන එක නිතරම සිදුවෙන දෙයක්. ස්ලැබ් වහලයක් නම් වැසි වතුර නොරැඳී ගලායන අවම ආනතියක් සහිතව නිමාව කර ගත යුතුයි. ඒ වගේම ජල නිරෝධනය නැත්නම් water proof කරගැනීම අත්‍යාවශ්‍යයි. වහලය සම්බන්ධයෙන් තවත් වැදගත් දෙයක් තමයි වහලයේ අගුව නැත්නම් roof eave එක. අගුව නිවැරදි දුරක් දක්වා විහිදුවා නිර්මාණය කල යුතුයි. නැතිනම් හිරිකඩ හෝ හුළං වැස්ස ජනෙල් මතට පතිත වීම වගේම බිත්ති නිතර තෙතමනයට ලක්වීමත් සිදුවෙනවා. ස්ලැබ් වහලයක් යොදා ගැනීමේදී සිදුවන අවාසියක් තමයි අගුවක් තබා ගැනීමට නොහැකි වීම. වැහි පීලි වහලය හා සබැඳි තවත් වැදගත් අංගයක්. සුලබව දක්නට ලැබෙන සින්ක් ඇලුමිනියම් පීලි ගොඩනැගිලි වලට ගේන්නේ අවලස්සනක්. ඒ නිසා ඒ වෙනුවට වෙනත් නිර්මාණාත්මක පීලි නිමවා ගැනීම වැදගත්. තනි තට්ටුවේ හෝ තට්ටු දෙකක නිවසක් නම් පීලි රහිතව වුනත් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් පිළියම් තිබෙනවා.
ජනෙල් වල ආරක්ෂාව සඳහා වැහි කූඩු, sun shade හෝ කැනපි යොදාගැනීම තවත් වැස්ස සම්බන්ධ කාරණයක්. නිර්මාණය කරන අතරේ ම ඒවා ගැලපෙන ලෙස නිර්මාණය කරගැනීම මගින් ඒවා පසුව ඇමිණූ ආයිත්තම් ලෙස පෙනීම වලක්වා ගැනීමට හැකිවෙනවා. ඒ වගේම බිත්ති මත පතිත වන වැහි වතුර ගොඩනැගිලි තුලට කාන්දු නොවී ගලාගෙන යෑමට සැලැස්වීම සඳහා water proof තීන්ත හෝ වෙනත් බිත්ති ආලේපන යොදාගැනීම වැදගත්. ගොඩනැගිල්ලක මැද මිදුලක් තිබේනම් එයට එකතුවන වැසි ජලය බැහැර කිරිමේ ක්‍රමයත් මුලින්ම නිර්මාණය කරගැනීම වැදගත්.
ගොඩනැගිල්ලක් මතට වැටෙන සියලුම වැහි ජලය අවසානයේදී නළ පද්ධතියක් මගින් හෝ නොමැතිව ඉඩමෙහි විවෘත පොළවට රැගෙන ආ යුතුයි. ඉන්පසුව නිවැරදිව පිහිටුවන ලද කාණු නළ ඔස්සේ එම ජලය වැහි වතුර රඳවාගෙන පොළවට ක්‍රමිකව බැහැර කරන වැසි ජල ටැංකියක් වෙතට රැගෙන ආ යුතුයි. නැතිනම් නීතිමය වශයෙන් ඉඩකඩ තිබේනම් සමීප මාර්ගයේ පොදු කාණු පද්ධතිය වෙත මුදා හැරිය යුතුයි. දැන් වැහි ජලය රඳවාගෙන සේදීමට සහ වගා කටයුතු සඳහා යොදා ගැනීමටත් නවීන ක්‍රමෝපායන් නිර්මාණය වෙලා තියෙනවා. Rain water harvesting නමින් වර්තමානයේ අහන්න ලැබෙන්නේ අන්න ඒ ක්‍රමවේදයයි.
© සුමුදු අතුකෝරල
28/12/2021

What an exexplanation 😍
ReplyDelete