Posts

Showing posts from May, 2021

Archi චැට් (දාසය)

Image
Archi චැට් (දාසය) චීස් කෑලි මේ චැට් එක මම තවම දැකලවත් නැති කෙනෙක් වෙනුවෙන් නම් කරන්න හිතුවා. මේක චැට් එකකටත් වඩා කතාවක්. ඉතිං මම කතන්දර ස්වරූපයෙන්ම කියාගෙන යන්නම්.  මීට සතියකට දෙකකට කලින් මට නොදන්නා අංකයකින් ඇමතුමක් ආවා.  "මම කතා කරන්නේ ගෙයක් Design කරගන්න. මම තමයි අර නම්බර් එක ඉල්ලලා Facebook message එකක් දැම්මේ, මගෙ ඉඩම තියෙන්නේ ගම්පහ කිට්ටුව. වෙල් යායක් ගාව. මට ඕනේ හරිම simple ගෙයක්. ලොකු දේවල් ඕනෙ නෑ. අඩුම වියදමකින් හදාගන්න පුළුවන් පොඩි ගෙයක්. වෙල පැත්තෙන් එන හුළඟ ගේ ඇතුළට එන විදිහට, ඉර එළිය ඇතුළට එන විදිහට, හොඳට වෙල්යාය පේන විදිහට, ගඩොල් පේන විදිහට. සිමෙන්ති පොළවක් එක්ක, තියෙන ගස් එහෙමම තියාගෙන හදන්න ඕනේ"  එයා කියාගෙන යනවා. මට හිතට සතුටක් දැනුණා. මට එයා කියන ගෙදර මැවිලා පේනවා. ඒක බොහොම ලස්සන සරල තැනක්. ඒ ගෙදර ඉන්න මිනිස්සු හරිම සතුටෙන් හවසට තේ බොනවා, පොත් කියවනවා, බොහොම නිදහසේ ඒ වෙල පැත්තට තියෙන වැරැන්ඩා එකේ ඉඳගෙන කතා කරකර ඉන්න හැටි මට මැවිලා පෙනුණා.  සාමාන්‍යයෙන් ඔය විදියට තමන්ට අවශ්‍ය ගෙදර ගැන කෙනෙක් ආර්කිටෙක්ට්ට විස්තර කරන්නේ කලාතුරකින්.  ඒ වෙනුවට, කාමර ...

Archi චැට් (පහළොව)

Image
Archi චැට් (පහළොව) Home builders! පරිස්සමින්! පිටරටකට ගිහින් සාමාන්‍යයෙන් හොඳ රැකියා කරන හුඟදෙනෙකුගේ සිහිනයක් තමයි ලංකාවෙ තමන්ටම කියලා ගෙයක් හදාගන්න එක. ඉතින් පිටරටක ඉන්න ගමන් කොහොමද ලංකාවෙ නිවසක් හදාගන්නේ කියන එක ඒ හැම දෙනෙකුටම වගේ තියෙන ගැටලුවක්. අන්න ඒ පිරිස් ඉලක්ක කරගෙන පහුගිය දශක දෙකක වගේ කාලයක් ඉඳන් ලංකාවෙ අමුතුම ව්‍යපාර ක්‍රමයක් පටන් ගත්තා. ඒ තමයි "පිටරට වෙහෙසවී උපයන ඔබේ මුදලට සරිලනම සිහින නිවහන අපෙන්", "රට රැකියා කරන ඔබට ලංකාවට පැමිණ පදිංචි විය හැකි සිහින නිවස අපෙන්", "ඔබ කරදර වෙන්න එපා, ඔබේ සිහින මාලිගාව අපි හදලා දෙන්නම්", "ඔබ කැමති යුරෝපීය නිවස ලංකාවෙ හදලා දෙන්න අපි සුදානම්", "ඔබ හට රැකියාවෙන් උපයන මුදලට සරිලන, සිහින නිවස අපෙන් අඩුම මිලට" වගේ තේමා පාඨ දාගෙන හතු පිපෙනවා වගේ පිපෙන නිවාස ඉදිකිරීමේ ව්‍යපාර. ඔබත් එහෙම බලාපොරොත්තුවක් සහිතව සිටිනවා නම් මේ ලිපිය ඔබට වැදගත් වේවි. ඔබ එවැනි ව්‍යාපාරයක නියුතු අයෙක් නම් දැන් මට බනීවි.  ඔය ව්‍යාපාර සංස්කෘතිය මුලින්ම වගේ පටන්ගත්ත ව්‍යාපාරයක් විසින් කරනු ලබන අක්‍රමිකතා මීට දශකයකට විතර කලින් එ...

තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි

Image
තේරුණේ නෑ තමයි, ඒත් සිත සතුටුයි හො දට ම සීතල බව තවත් එත්තු ගන්වන මීදුම් වළාවක් ඒ සිතුවම සම්පූර්ණ කළා. පොඩි වැහි බීරම නොතිබුණානම් ඒක තවත් අඩුවක් වෙන්න තිබණා. නගරය ට ආසන්න ව වුණත් කදුගැටයක් උඩ තනි වී පිහිටා තිබී ම ඒ න d ස්රත් දෙව් මැදුර ට ලැබුණු ඉහළ ම දායාදය වෙන්න පුළුවන්. කළුවර වැටෙන්න ආසන්නව තිබුණු එම මොහොතේ ඒ අත්දැකීම ඉතාම රෝමාන්තික බවකින් වෙලී තිබුණත්, දවසේ ඕනෑ ම වෙලාවක ඒ අත්දැකීමෙහි ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.    බණඩාරවෙළ නගරයට ඉතාම ආසන්නයේ හුදකළා කදුගැටයක් මත, නාස්රත් කන්‍යා රාමය ට යාබද ව පිහිටා ඇති මේ කුඩා දෙව් මැදුර මෑත ඉතිහාසයේ මා දුටු ඉතා ම අලංකාර ගොඩනැගිල්ලක්. දශක කිහිපයක ට පෙර නිරමාණය වුණත්, එම ගොඩනැගිල්ල කාලය අතික්‍රමණය කරන සුවිශේෂී නිර්මාණයක්. පිටත ට දිස්වන්නේ කළුගල් බිත්තියක් මත රැදි සරළ වහලයක් සහ අල්තාරය යැයි සිතිය හැකි, ඉහළට නැගුණු කළු ගල් ස්ථම්භයක්. නමුත් ඒ කළු ගලින් සැදි හතරැස් කුළුණ මතින් දෙපස ට විහිදෙන විසල් වැහි පීලි කුරුසයක දළ රුවක් මවාපාන බව දකින්නට පුළුවන්.  අපව ගොඩනැගිල්ල තුළට ඇදගන්නේ ඒ කළු ගල් වලින් සැදි පවුරුම ය පෙනුම මයි. ඔබේ ආත්මය දෙවියන් අභිම...

"සමකාලීන ලාංකීය වාස්තු විද්‍යා තරු ලකුණ, පොළොන්තලාව බංගලාව"

Image
"සමකාලීන ලාංකීය වාස්තු විද් ‍ යා තරු ලකුණ, පොළොන්තලාව බංගලාව" ඒ 1960 දශකයේ මුල් භාගයයි. එවකට ලංකාවේ ප් ‍ රකට වැවිලි කර්මාන්ත සමාගමක් වූ ස්විස් ජාතික බවර් සමාගමට අයිතිව තිබුණු වයඹ පළාතට ඇතුළත් පොළොන්තලාව වතු යාය අක්කර දහසකට ආසන්න ප් ‍ රමාණයකින් යුක්ත විය. දැදුරු ඔයට මායිම්ව පොල් සහ වී වගාවන්ගෙන් සමන්විත පොළොන්තලාව වතු යාය ඒ පළාතේ පැවති විශාලතම සහ සශ් ‍ රීකම වතුයායක් විය. එදවස කටු මැටියෙන් සහ පොල්අතු සෙවිලි කළ වහලයක් සහිතව පැවතියත් වතුයායේ කළමණාකාර නිවස ඉතා සුවපහසු සහ සිත්ගන්නා සුළු එකක් විය. නමුත් ඒ වෙනුවට නව ස්ථාවර බංගලාවක් ඉදිකිරීමට බවර් සමාගමේ ප් ‍ රධාන කළමනාකාර තිලෝ හොෆ්මන් මහතා විසින් යෝජනා කිරීමෙන්, එම නිර්මාණ කර්තව් ‍ යය එවකට ඉතා දක්ෂ, මතු බලාපොරොත්තු සහිත සහ තරුණ වාස්තු විද් ‍ යාඥ ජෙෆ්රි බාවා මහතා වෙත පැවරිණි. මෙම නිර්මාණ පැවරුම, එවකට තමා යටතේ වැඩ කටයුතු කළ ඩෙන්මාර්ක් ජාතික තරුණ වාස්තු විද් ‍ යාඥ උල්රික් ප්ලෙස්නර් වෙත පැවරීමට බාවා මහතා දෙවරක් කල්පනා නොකළේ උල්රික් දක්ෂ සහ ක් ‍ රියාශීලී වාස්තු විද් ‍ යාඥයකු වූ බැවිනි.  පොළොන්තලාව වතුයායේ අක්කර දහස පුරාම කරක්ගසා, බංගලාව ඉ...

දකුණු දිග වෙරළත බාවා සළකුණ Bentota Beach Hotel

Image
දකුණු දිග වෙරළත බාවා සළකුණ Bentota Beach Hotel (1969 වසරේදී සාදා නිමකළ බෙන්තොට බීච් හෝටලය, වසර ගණනාවකට පසු යළි නවීකරණය කිරීමට පියවර ගන්නා ලදී. එහෙත් එහි ප්‍රධාන ගොඩනැගිල්ල වන ඉතා අලංකාර විශාල මධ්‍ය ගොඩනැගිල්ලෙහි අබලන් තාවයන් නිසා එය කඩා ඉවත්කළ යුතු බවට ව්‍යුහ විද්‍යා උපදෙස් වලින් කියවිනි. එහෙත් එම ඉතා වැදගත් සංධිස්ථානමය ගොඩනැගිල්ලට ඇති වැදගත්කම නිසා ජෝන් කීල්ස් ආයතනය, වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත සහ ජෙෆ්රි බාවා පදනම විසින් එම ගොඩනැගිල්ල ගළවා, දුර්වල කොටස් සහ ව්‍යුහමය කොටස් ඉවත්කර, සෑම ගල් පුවරුවක්ම, සෑම දොරක්, ජනේලයක්ම සහ ලී කණු වැනි විවිධ අමුද්‍රව්‍යක්ම ඒ තිබූ තැන්වලම පිහිටින ලෙස නැවත ගොඩනැගීමේ අති සංකීර්ණ ක්‍රියාවලියට එකඟවිය. නැවත ඒ තිබූ අයුරින්ම නිර්මාණය කළ එම ගොඩනැගිල්ල මේ මස අග දිනකදී භාවිතයට එක්කිරීම ට කටයුතු සැනසෙනු ඇත.) කොළඹ සිට ගාල්ල බලා ගමන්කරන අතර බෙන්තොට පාළම පසුකරන විට ඔබේ දකුණු පසින්, ගඟටත් මුහුදටත් මැදිව පොල් තුරු මුදුන් අතරින් ඉහළට එසවී ගාම්භීර බව මුසු නිහතමානී බවකින් නිසොල්මනේ සිටින අලංකාර ගොඩනැගිල්ල ඔබට මතකද? වාස්තු විද්‍යාව තුළදී පමණක් නොව, අනෙක් කලා සහ තාක්ෂණ විෂයන...

නව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා

Image
නව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා ‘හැම උදෑසනකම ඇයගේ කන පිටුපස නැවුම් පිච්ච මලක් රඳවාගෙන මිනෙට් ඇවිදගෙන ආවා. එයාගේ අලූත් සිල්ක් සාරියේ පොට එයාගේ උරහිස ළඟින් ලිස්සලා වැටුණා. ඊට පස්සේ අපි එහා පැත්තේ තිබුණ එක පැත්තකින් නුවර නිම්නයටත් අනිත් පැත්තෙන් කැලේ වැවිලා තිබුණ කන්දටත් මුහුණලා තිබුණ කන්තෝරු කාමරයට ඇවිද්දා. ඊට පහළින් වාහනවල නළා හඬත්, පන්සල්වල ගණ්ටාර හඬත් යන්තමට ඇහුණේ, තෙත පොළොවේ සහ වියළෙන කොළවල සුවඳත් එක්ක. ඊටත් වඩා, පිරිසිදු පිච්චමල් සහ සුදු අරලිය මල් සුවඳ ජනේලෙන් ගලාගෙන ආවා. අපි දෙන්නා නියමිතව තිබුණ වැඩ කරගෙන ගියා. මම, ල කබුසියර් විසින් ඉතාම අලංකාර විදියට මිනෙට්ට එවලා තිබුණ පෙම් හසුන් කියෙව්වා. කාර්යාලයේ ප‍්‍රධාන දොරට මම ගොඩක් කැමති වුණා. ඒක BRIDGE ON THE RIVER KWAI චිත‍්‍රපටියේ ජපන් හමුදා නිලධාරියාගේ දොර. ඒක මිනෙට්ට දීලා තිබුණේ. ඒ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ඬේවිඞ් ලීන්.’ මේ උල්රික් ප්ලෙස්නර් තමන්ගේ IN SITU කියන ස්වයංචරිතාපදානයේ මිනෙට් ද සිල්වා ගැන ලියලා තියෙන පරිච්ෙඡ්දයේ එක කොටසකි. මිනෙට් ද සිල්වා ලංකාව තුළ එතරම් කතාබහට ලක්වුණු කාන්තාවක් නොවේ. ලාංකීය වාස්තු...

Archi චැට් (තුන)

Image
Archi චැට් (තුන) Elevation Architecture විෂයෙදි Elevation එකක් කියන්නේ කිසියම් ගොඩනැගිල්ලක පිටත පිහිටීම පැතලි ජ් ‍ යාමිතික රූප සටහනක් ලෙස පෙන්නුම් කිරීමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් විවිධ දිශාවල සිට ගොඩනැගිල්ලක මුහුණත ඇඳ දැක්වීමයි. ගොඩනැගිලි නිර්මාණයක සැළසුමට අනුරූපව ඉදිරි පෙනුම (Front elevation), පිටුපස පෙනුම (Rear elevation), පැති පෙනුම (Side elevation) ආදී වශයෙන් ගොඩනැගිල්ලක් තේරුම් ගැනීමට වගේම එය ඉදිකිරීමට අවශ් ‍ යකරන විස්තර සහිතව Elevation රූපසටහන් උපයෝගී කරගන්නවා. Plan එකට අනුරූපව කණු පිහිටන ආකාරය, ජනෙල් දොරවල් වල පිහිටීම, ගොඩනැගිල්ලක උස, වහලය පිහිටන ආකාරය වැනි විවිධ අංග Elevation එකක් තුළින් පෙන්වන්න පුළුවන්. තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් නම්, එක් එක් මහල් වල ජනෙල් හෝ විවිධ හැඩතල වල රේඛීය පිහිටීම, එකකට එක්ක සමාන්තර ලෙස පිහිටුවීම එම ගොඩනැගිල්ලේ සෞම් ‍ ය බව ඇතිකිරීමට හේතුවන බව Elevation එකක් හරහා අවබෝධකරගත හැකියි. Elevation එකක් බොහෝ විට ද්විමාන (2D) රූප සටහනක්. ඒ නිසා Section එකක් හෝ Plan එකක් නැතිව Elevation එකකින් ඒ ගොඩනැගිල්ලේ මුහුණතේ ගැඹුර ගැන නිවැරදිව තේරුම් ගන්න අමාරුයි. හැබැ...

Archi චැට් (දෙක)

Image
Archi චැට් (දෙක) Section Section කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනවා. යම්කිසි ලියවිල්ලක කොටසක්, පාසලක හෝ කාර්යාලයක විශේෂ අංශයක් වගේම සතෙක් ගේ හෝ භාණ්ඩයක කොටසක් කියන අදහසක් වුණත් Section කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. ඒත් Architecture වගේ විෂයකදි section කියන්නේ හරස් හෝ දික් අතට ගොඩගිල්ලක් හෝ එහි කොටසක් කැපෙන සේ ඇඳෙන රූප සටහනක්. හරස්කඩ (Cross section), දික්කඩ (Longitudinal section) වශයෙන් දිග අතට සහ පළල අතට කැපෙන රූප සටහනක් වෙන් වෙන් වශයෙන් හඳුන්වන්න පුළුවන්. Architecture වලදි Section කියන්නේ හරියටම ගොඩනැගිල්ලක අවශ් ‍ ය තැන් වලින් කපා, පිටතින් දැක ගත නොහැකි කොටස් පෙන්වීමයි. බොහෝ විට බොහෝ දෙනා අඩු සැලකිල්ලක් දැක්වුවත්, ගොඩනැගිලි නිර්මාණයේදී ඉතාම වැදගත් අංගයක් තමයි Section කියන්නේ. ඒ ඒ අවකාශ වල උස, සම්පිණ්ඩනය, අවකාශ වල ගලායාම, නිමාව, එක් අවකාශයක් තවත් අවකාශයකට දක්වන සහ සම්බන්ධය වගේම ඒ ඒ ගොඩනැගිලි කොටස් හදාගැනීමට භාවිතා කළ යුතු අමුද් ‍ රව් ‍ ය සහ මාත් ‍ රාව පිළිබඳ විස්තරත් හරස් කඩකින් නිවැරදි පෙන්විය හැකියි.  ප් ‍ රාදේශීය සභාවේ හෝ වෙනත් ආයතනයකින් ගොඩනැගිලි සැලසුමක් අනුමත කරගැනීම සඳහා අවශ...