Archi චැට් (දාසය)
Archi චැට් (දාසය)
චීස් කෑලි
මේ චැට් එක මම තවම දැකලවත් නැති කෙනෙක් වෙනුවෙන් නම් කරන්න හිතුවා. මේක චැට් එකකටත් වඩා කතාවක්. ඉතිං මම කතන්දර ස්වරූපයෙන්ම කියාගෙන යන්නම්.
මීට සතියකට දෙකකට කලින් මට නොදන්නා අංකයකින් ඇමතුමක් ආවා.
"මම කතා කරන්නේ ගෙයක් Design කරගන්න. මම තමයි අර නම්බර් එක ඉල්ලලා Facebook message එකක් දැම්මේ, මගෙ ඉඩම තියෙන්නේ ගම්පහ කිට්ටුව. වෙල් යායක් ගාව. මට ඕනේ හරිම simple ගෙයක්. ලොකු දේවල් ඕනෙ නෑ. අඩුම වියදමකින් හදාගන්න පුළුවන් පොඩි ගෙයක්. වෙල පැත්තෙන් එන හුළඟ ගේ ඇතුළට එන විදිහට, ඉර එළිය ඇතුළට එන විදිහට, හොඳට වෙල්යාය පේන විදිහට, ගඩොල් පේන විදිහට. සිමෙන්ති පොළවක් එක්ක, තියෙන ගස් එහෙමම තියාගෙන හදන්න ඕනේ"
එයා කියාගෙන යනවා. මට හිතට සතුටක් දැනුණා. මට එයා කියන ගෙදර මැවිලා පේනවා. ඒක බොහොම ලස්සන සරල තැනක්. ඒ ගෙදර ඉන්න මිනිස්සු හරිම සතුටෙන් හවසට තේ බොනවා, පොත් කියවනවා, බොහොම නිදහසේ ඒ වෙල පැත්තට තියෙන වැරැන්ඩා එකේ ඉඳගෙන කතා කරකර ඉන්න හැටි මට මැවිලා පෙනුණා.
සාමාන්‍යයෙන් ඔය විදියට තමන්ට අවශ්‍ය ගෙදර ගැන කෙනෙක් ආර්කිටෙක්ට්ට විස්තර කරන්නේ කලාතුරකින්.
ඒ වෙනුවට, කාමර හයක් විතර, බාත් රූම් හතරක්, දානයක් එහෙම දෙනකොට ඉඩ තියෙන විදිහට, හොඳට ලස්සනට එළියට පේන විදිහට, ටයිල් පොළව, වැස්සට තෙමෙන්න බෑ, මැද මිදුල් එහෙම එපා. වහලේ තුනකට විතර කඩලා. වාස්තුවලට අනුව පාද බෙදන්න ඕනේ, ගිනිකොණට අරක දාන්න, උතුරට මේක දාන්න, බටහිරට අරක දාන්න එපා, වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට කියන්නේ. ආහ්! එහෙම කියලා අන්තිමට මට අඩු වියදමෙන් ඉක්මනට හදන්නත් ඕනේ කියලත් කියනවා.
කොහොම හරි මම ඒ ඉඩම බලන්න යන්න පොරොන්දු වුණා. ඒත් සංචරණ සීමා නිසාත්, තවත් වැඩ කිහිපයක් නිසාත් මට සතියකට වැඩි කාලයක් ඒ වැඩේ පහු වුණා. නමුත් ඒක කරන්න ඕනේ කියන අදහසින් තමයි හිටියේ. එහෙම නිහතමානී වගේම නිර්මාණාත්මක අවස්ථාවක් කොහොමද අහක දාන්නේ ආර්කිටෙක්ට් කෙනෙක්.
ඔන්න ඔය අතරේ එයාගෙන් තවත් දුරකථන ඇමතුමක්!
"කවදා විතර එන්න පුළුවන් වෙයිද අර ඉඩම බලන්න? මට මේ කියන්න දෙයක් තියෙනවා, ඒ ඉඩම ළඟම තමයි අපේ මාමයි නැන්දයි ඉන්නෙත්, ඔයා ආවහම එයාලත් කතා කරයි. එයාලා වාස්තු ජ්‍යේතිෂය එහෙම සෑහෙන්න විශ්වාස කරනවා. මම නම් ගණන් ගන්නේ නෑ ඒවා. ඒත් එයාලා ඒ ගැන ඇහුවොත් ඒවා බලලා තමයි ගෙදර design කරන්නේ කියලා කියන්න. එතකොට ප්‍රශ්නයක් නෑ."
මම කොහොම හරි සතියක් ඇතුළත එන්න පොරොන්දු වුණා. ගම්පහ පැත්තේ ගිහින් අම්මවත් බලලා ඒ ගමන් ඔය කියන වෙල්යාය අද්දර ඉඩමත් බලාගෙන එන්න තීරණය කළා. ඒත් ඒ ගමන යන්න ඔන්න මෙන්න තියෙද්දී ආයෙත් එයාගෙත් ඇමතුමක්,
"මම කතාකළේ අර වැඩේ කරන්න වෙන්නෙ නෑ කියන්න."
"ඕහ්! ඒ මොකද ඒ? මොකක්ද ප්‍රශ්නෙ?"
මට කියවුණා. ඒ කටහඬේ ස්වරයට මටත් දුක හිතුණා.
"අපේ වයිෆ්, ගෙදර අනිත් වැඩිහිටියෝ, එයාලත් එක්ක ඒ වැඩේ කරන්න බෑ. එයාලට ඕනෙ චීස් කෑලි වගේ ගෙවල්. මම ඔය වෙලක් ළඟින් ඉඩමක් ගත්තෙත් අර මම කිව්ව වගේ පරිසරයත් එක්ක බැඳුණු, සරල, වැඩිය වැඩ කෑලි නැති ගෙයක්, අඩු වියදමකින් හදාගන්න. ඒත් මෙයාලත් එක්ක බෑ. එයාලට ඕනෙ මන්දිර වගේ ගෙවල්. ඒ නිසා ඔයා ඒ වැඩේට මහන්සි වෙන එකත් අපරාදේ. අකිටෙක්චරල් වැඩක් කරන්න බෑ."
ඒක හරිම දුක්බර හඬක්. මමත් නිරුත්තරයි.
"ඉතිං ආයෙත් කතා කරලා කැමති කරවගන්න බැරිවෙයිද?" මම ඇහුවා.
"බෑ. මම කොච්චර කිව්වද? මම ඔයා ලියන ලිපි කියවන්න දුන්නා. පින්තූර පෙන්නුවා. මමත් අතින් ඇඳලත් පෙන්නුවා. ඒත් එයාලට එහෙම ගෙදරක් හරියන්නේ නෑ. එයාලට ඕනෙ මාලිගා. ඔය බැරි ගෙවල් හදන්න පටන් අරන් බාගෙට හදාගෙන ජීවිතකාලෙම අසතුටින් ඉන්න තමයි වෙන්නේ. මම ඒක අත ඇරලා දානවා. එයාලට ඕනෙ විදිහකට කරගන්න දීලා."
කතාබහ ගියෙ ඔය විදියට. මම ඉතිං මගෙන් උදව්වක් තියෙනවා නම් කියන්න කියලා කතාව අවසන් කළා. මගෙ හිතටත් අමුතු දුකක් දැනුණා. ඒක ආර්කිටෙක්චරල්මය දුකක්. ඒ පුද්ගලයාට තමන් අකමැති, තමන්ට ඇත්තටම නොගැළපෙන බොරු ගෙදරක අසතුටින් ජීවත්වෙන්න වෙයි නේද කියලා මට හිතුණා. සමහර විට එයාගෙ ජීවිතේ තිබුණු එකම හීනයත් ඒක වෙන්න ඇති.
රසාස්වාදය, රසවින්දනය වගේ කාරණා සමස්තයක් විදියට ලංකාවේ තියෙන්නේ දුර්වල තැනක. ඒකෙ මූලිකම විනාශය වෙන්නේ රූපවාහිනී මාධ්‍යවල යන බාල විකාර නාට්‍යවලින් කියලා මට හිතෙන්නෙ. උදේට ගෙවල්වල අම්මලා, නැන්දලා විතරක් ඉන්න කොට රූපවාහිනියෙ යන ජ්‍යෝතිෂය, මන්තර වගේ දේවල් තමයි අනිත් හෙණේ. ඔය ඔක්කොම එකතු වෙලා හැදෙන රසඥතාව ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉතිං තමන් ජීවත්වෙන්න හදන ගෙදරත් ඒ වගේ අමුතුම විකාරයක් වෙන්න ඕනෑ කියන අදහසත් එතනින් එනවා ඇති. ඔතනදි ඉතින් ඒ ඒ සමාජ ස්තරවල ගොඩනැගිලි අවශ්‍යතා සඳහා සේවය සපයන ආර්කිටෙක්ට්ලට මුහුණ දෙන්න වෙන අර්බුදය සුළු පටු නෑ.
"Life of an architect is a battle a battle against uglyness".
ඔය කතාව ඇත්තටම ඇත්ත. එහෙම අර්බුද අස්සේ වුණත් හොඳ, ලස්සන, අඩු වියදමින් හදාගන්න පුළුවන් නිවාස සහ ගොඩනැගිලි නිර්මාණය කරන ආර්කිටෙක්ට්ලට මගේ ගෞරවය.
ප. ලි.
1). මේ ලිපියත් එකක් අමුණන පළමුවෙනි රූප සටහන, මම එයා වෙනුවෙන් නිර්මාණය කළා නම් කරන නිවස මට මැවෙන විදිහට මම ඇඳපු එක. මම මේ රූපයේ ඔරිජිනල් එක ඒ මහත්මයාට යවනවා.

2). දෙවෙනි රූපය අර මට ඇමතුම දීපු මහත්මයා විසින් එයා කැමති ගෙදර ඇඳපු විදිහ. (එයා මට ඒක එවලා තිබුණා.)
© සුමුදු අතුකෝරල [22/05/2021]
❤❤❤
ReplyDeletePATTA....
ReplyDelete