Posts

Showing posts from September, 2021

Archi චැට් (විසිදෙක)

Image
Archi චැට් (විසිදෙක) 3D  ආර්කිටෙක්චර් විෂය සමඟ නිතර කියවෙන අදහසක් තමයි. 3D නැත්නම් ත්‍රිමාණ නිර්මාණකරණය කියන්නේ. 3D එකෙන් නේද ඩිසයින් කරන්නේ? 3D එකකුත් කරනවද?, 3D එකකින් බලන්න පුළුවන් නේද? අර මුළු ගෙදර හරහාම ඇවිදින්න පුළුවන් විදිහට 3D මොඩල් එකක් කරලා දෙනවද? වගේ විවිධ ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඇත්තටම 3D එකක් කියන්නේ ආර්කිටෙක්චරල් නිර්මාණයක ඉහළම ප්‍රකාශනය නෙමෙයි. 3D කියන්නේ නිර්මාණයක් කාට හරි තේරුම් ගන්න තියෙන තවත් එක මාධ්‍යයක් විතරයි. 3D එකක් මේසන්වරයෙකුට හරි කොන්ත්‍රාත්කරුවෙකුට හරි දීලා "ආ මේක හදන්න" කිව්වොත් හදන්න බෑ. නිර්මාණය නිවැරදිව තේරුම් ගන්න ඒකට අවශ්‍ය මූලික සැලසුම් ඕනෑ. Plan, section, elevation, details තමයි මෙතනදි ඉතාම වැදගත් වෙන්නේ. චිත්‍රපටියක තිර රචනයක් වගේ මේ සැලසුම්වලින් තමයි හරියටම ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්. හැබැයි ඒකට 3D එකක් අවශ්‍ය නෑ. සාමාන්‍යයෙන් ආර්කිටෙක්චර් වෘත්තියේදි 3D සඳහා විවිධ මෘදුකාංග භාවිතා කරනවා. 3D Max, Revit, Sketch-up සහ Auto CAD 3D ඒ අතරින් ප්‍රධාන භූමිකා නිරූපණය කරනවා. වෛද්‍යවරයෙකු වන මගේ client කෙනෙක්, සමග ඔය 3D ගැන කතාකරන කො...

Archi චැට් (විසි එක)   මඳ පවන සහ ආර්කිටෙක්චර් 

Image
 Archi චැට් (විසි එක)   මඳ පවන සහ ආර්කිටෙක්චර්   Ventilation නැත්නම් වාතාශ්‍රය කියන්නේ ආර්කිටෙක්චර්වල ඉතාම වැදගත්, ඇසට නොපෙනෙන වගේම අතට අහු නොවන දෙයක්. ස්වාභාවික ඉර එළිය වගේම ස්වභාවික වාතාශ්‍රය කියන එක නිර්මාණ ක්‍රියාවලියෙදි හිතටත් අහුනොවී තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ගොඩනැගිල්ලක අභ්‍යන්තරය තුළ ජීවිතයකට පවතින්න බැරි තරමට බරපතළ වෙන්න පුළුවන්.  අපි විවෘත ස්වාභාවික අවකාශය මොනයම් හෝ විදිහකින් සංවෘත කරනවා කියන්නේ, ඒ සංවෘත අවකාශයට ලැබිය යුතු ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය කපා හැරීමයි. ඒ කියන්නේ ඒ සංවෘත අවකාශය තුළ සත්වයෙකුට පවතින්න නොහැකි තත්ත්වයක් ඇතිකිරීම. ඔන්න ඔතනදි තමයි වාතාශ්‍රය සහ ආලෝකය සඳහා අපි ජනෙල්, කවුළු හෝ දොරවල් ඒ සංවෘත අවකාශයෙන් පිටතට පිහිටුවන්නේ. සාමාන්‍ය රීතිය තමයි එවැනි කාමරයක හෝ අවකාශයක වර්ග ප්‍රමාණයෙන් හතෙන් එකක (1/7) වත් අවම ප්‍රමාණයකට සරිලන ජනෙල්වලින් හෝ දොරවල්වලින් එම අවකාශය සැදුම් ලද යුතු වීම. එතකොට තමයි ඒ අවකාශය තුළ ජීවයකට සුවදායක ලෙස පැවතිය හැකි වාතාවරණයක් ඇති බව සලකන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ගොඩනැගිලි සැලසුම් අනුමත කරන කොට ඒ ප්‍රම...