Archi චැට් (දාහතර) Freehand
Archi චැට් (දාහතර) Freehand ඉතාම අපූරු ගොඩනැගිලි නිර්මාණය කරන ඕස්ට් රේලියාවේ ජීවත්වෙන Glenn Murcutt කියන ආර්කිටෙක්ට් මීට අවුරුදු කීපයකට කලින් ලංකාවට ආවෙ වාස්තුවිද් යඥයන්ගේ ආයතනයෙන් සංවිධානය කරපු සැසියක කතාවක් පවත්වන්න. ඒකෙදි එයා කිව්වා එයා තමන්ගෙ නිර්මාණවල සැලසුම් අඳින්නේ Freehand නැත්නම් අතින් කියලා. එයා ඒකට ලස්සන හේතුවක් කිව්වා. තමන්ගෙ මොළයට එන අදහසක් ඉක්මනින්ම සටහන් කරගන්න පුළුවන් ක් රමය අතින් ඇඳීම කියන එකයි එයා කිව්වේ. ජීව විද් යාත්මකව බැලුවමත් ඒක ඇත්ත තමයි. අතේ තියෙන පැන්සලකින් කඩදාසි කොළයක් උඩ ඇඳෙන තරම් වේගවත්, අවංක කුරුට්ටක් මවුස් එකක් හරහා පරිගණකයකට ගිහින්, තවත් මෘදුකාංගයක් තුළින් ඇඳෙනවට වඩා කොච්චර හොඳද? ඔව්! මේකට හැමෝම එකඟවෙන එකක් නෑ. ඒත් මම ඒක ඕනෙවටත් වඩා විශ්වාස කරනවා. ඒ ඇයි කියලා අපි දැන් කතා කරමු. මේ ගැන විශේෂයෙන් කතාකරන්න හිතුවේ ගොඩක්ම ආර්කිටෙක්චර් වෘත්තියක් විදිහට ඉගෙන ගන්න ශිෂ් යයන් වෙනුවෙන්. මෑතකාලීනව පේන්න තියෙන ලොකු අඩුපාඩුවක් තමයි ආර්කිටෙක්චර් ඉගෙනගන්න ගොඩක් ශිෂ් ය ශිෂ් යාවන් පරිගණක ගැන වැඩි විශ්වාසයක් තැබීම. Auto CAD, AUTO CAD 3D, SketchUp, Revit, 3D ...