Posts

Showing posts from July, 2023

Archi චැට් (දාහතර) Freehand

Image
Archi චැට් (දාහතර) Freehand ඉතාම අපූරු ගොඩනැගිලි නිර්මාණය කරන ඕස්ට් ‍ රේලියාවේ ජීවත්වෙන Glenn Murcutt කියන ආර්කිටෙක්ට් මීට අවුරුදු කීපයකට කලින් ලංකාවට ආවෙ වාස්තුවිද් ‍ යඥයන්ගේ ආයතනයෙන් සංවිධානය කරපු සැසියක කතාවක් පවත්වන්න. ඒකෙදි එයා කිව්වා එයා තමන්ගෙ නිර්මාණවල සැලසුම් අඳින්නේ Freehand නැත්නම් අතින් කියලා. එයා ඒකට ලස්සන හේතුවක් කිව්වා. තමන්ගෙ මොළයට එන අදහසක් ඉක්මනින්ම සටහන් කරගන්න පුළුවන් ක් ‍ රමය අතින් ඇඳීම කියන එකයි එයා කිව්වේ. ජීව විද් ‍ යාත්මකව බැලුවමත් ඒක ඇත්ත තමයි. අතේ තියෙන පැන්සලකින් කඩදාසි කොළයක් උඩ ඇඳෙන තරම් වේගවත්, අවංක කුරුට්ටක් මවුස් එකක් හරහා පරිගණකයකට ගිහින්, තවත් මෘදුකාංගයක් තුළින් ඇඳෙනවට වඩා කොච්චර හොඳද? ඔව්! මේකට හැමෝම එකඟවෙන එකක් නෑ. ඒත් මම ඒක ඕනෙවටත් වඩා විශ්වාස කරනවා. ඒ ඇයි කියලා අපි දැන් කතා කරමු. මේ ගැන විශේෂයෙන් කතාකරන්න හිතුවේ ගොඩක්ම ආර්කිටෙක්චර් වෘත්තියක් විදිහට ඉගෙන ගන්න ශිෂ් ‍ යයන් වෙනුවෙන්. මෑතකාලීනව පේන්න තියෙන ලොකු අඩුපාඩුවක් තමයි ආර්කිටෙක්චර් ඉගෙනගන්න ගොඩක් ශිෂ් ‍ ය ශිෂ් ‍ යාවන් පරිගණක ගැන වැඩි විශ්වාසයක් තැබීම. Auto CAD, AUTO CAD 3D, SketchUp, Revit, 3D ...

Archi චැට් (දහතුන) ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව්‍යයක් බාරදිය යුත්තේ ඇයි? (දෙවෙනි කොටස)

Image
Archi චැට් (දහතුන) ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව් ‍ යයක් බාරදිය යුත්තේ ඇයි? (දෙවෙනි කොටස) මේ ලිපිය මීට කලින් ලියපු Archi චැට් දොළොස් වැන්නේම දිගුවක්. ඒක කියෙව්වෙ නැත්නම්, ඒක කියවලා මේක කියෙව්වොත් තමයි වටින්නේ. ඉදිකිරීම් කාර්යයක ප් ‍ රධාන ප් ‍ රායෝගික අවධිය පටන් ගන්නේ ඒ නිර්මාණය කරපු ආර්කිටෙක්චරල් නිර්මාණය රජයේ ආයතනවලින් අනුමත කරගෙන එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කරද්දියි. එහෙම නගර සභාවෙන්, ප් ‍ රාදේශීය සභාවෙන් අනුමත කරගන්න සැලැස්ම ඒ විදිහටම මේසන්වරයෙකුට හරි කොන්ත් ‍ රාත් කරන කෙනෙකුට හරි දීලා ගොඩනැගිල්ල ඉදිකිරීම එච්චර නුවණැති වැඩක් නෙමෙයි. ඒත් ආර්කිටෙක්ට් කෙනෙක් සම්බන්ධ නොවන අවස්ථාවලදී බොහෝ විට වෙන්නේ එහෙම තමයි. ඉදිකිරීම කරන්න වෙනමම සියලුම ඉදිකිරීම් විස්තර සහිත Construction Drawings, Working Drawings නැත්නම් Good for Construction වශයෙන් හඳුන්වන Drawings Set එකක් නැත්නම් සැලසුම් ගොනුවක් සහිතව තමයි අපි කොන්ත් ‍ රාත්කරුවෙකු හෝ මේසන්වරයෙකු වෙත යායුතු වෙන්නේ. අන්න ඒ සැලසුම් ගොනුවට ගොඩනැගිල්ලක පාදමේ සිට එහි නිමාව, වර්ණ ගැන්වීම ගැන පවා විස්තර ඇතුළත්. මේ Drawing Set එක ආර්කිට...

Archi චැට් (දොළහ) ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව්‍යයක් භාරදිය යුත්තේ ඇයි?

Image
Archi චැට් (දොළහ) ආර්කිටෙක්ට් කෙනෙකුට ගොඩනැගිලි නිර්මාණ කර්තව් ‍ යයක් භාරදිය යුත්තේ ඇයි? නිවසක් හෝ වෙනයම් ගොඩනැගිල්ලක් වරලත් වාස්තු විද් ‍ යාඥයෙක් නැත්නම් Chartered Architect කෙනෙකු ලවාම නිර්මාණය කරගත යුත්තේ ඇයි කියන ප් ‍ රශ්නය සමාජයේ නිතර කතාබහට ලක්වෙන්නක්. ලංකාව ඇතුළේ ඉදිකරන සෑම ගොඩනැගිල්ලක් නෑරම ආර්කිටෙක්ට් කෙනෙක් අතින් නිර්මාණය වෙන්න අවශ් ‍ ය තත්වයක් නෑ. ඒ ඉල්ලුමට සැපයුම සලසන්න පුළුවන් මට්ටමක ආර්කිටෙක්ට්ලා ප් ‍ රමාණයක් ලංකාවෙ දැනට නැහැ. ඒ වගේම ආර්කිටෙක්ට්ලා බොහොමයක් දෙනා තමන්ගේ සේවාව සපයන්නේ ප් ‍ රධාන නගර ආශ් ‍ රිතව විතරයි. කොළඹ, ගම්පහ, ගාල්ල, නුවර, කුරුණෑගල වගේ වැඩි වාණිජ කාර්යබහුලත්වයක් තියෙන සෑම නගරයකම ආර්කිටෙක්ට්ලා වැඩකරනවා. ඒත් එතනින් එහා සීමාවල ඉදිවෙන ගෙවල් සහ කුඩා ප් ‍ රමාණයේ ගොඩනැගිලි බොහෝ විට ආර්කිටෙක්ට්ලා අතින් නිර්මාණය වෙන ඒවා නෙමෙයි. ඒකෙ වරදක් නැහැ. නමුත් සෑම ගොඩනැගිල්ලක්ම නිර්මාණය වියයුතු නිවැරදි ක් ‍ රමවේදයක්, වගකීමක් සහ සුරක්ෂිතභාවයක් තිබිය යුතුමයි. "ප්ලෑනක් ඇඳගන්නවා" කියන ඉතාම සරල අර්ථයෙන් තමයි ඔය වගේ හුඟක් ගොඩනැගිලි නිර්මාණය වෙන්නේ. ප්ලෑනක් අඳින්න ඕනේ කෙන...

Archi චැට් (එකොළහ) QS සහ BOQ

Image
Archi චැට් (එකොළහ) QS සහ BOQ ඉදිකිරීම් ක්ෂේත් ‍ රයේ නිතර කියවෙන වචන තමයි Estimate නැත්නම් ඇස්ටිමේට්, ඇස්තමේන්තු, රේට් කොළයක්, රේට් ලැයිස්තුව වගේ වචන. කොන්ත් ‍ රාත්කරුවෙක් ගොඩනැගිල්ලක් ඉදිකිරීම බාරගනිද්දි එස්ටිමේට් එකක් දෙනවා. පෙදරේරුවෙක් නැත්නම් මේසන් බාස් කෙනෙක්, වඩු කාර්මිකයෙක් නැත්නම් වඩු බාස් කෙනෙක් වැඩක් බාර ගන්නකොට රේට් කොළයක් දෙනවා. ඔය අතරේ අමු ද් ‍ රව් ‍ යවල මිල ගණන් සහිත තව බිල් ගොඩක් තියෙනවා. ඉදිකිරීම් ක් ‍ රියාවලියක් කියන්නේ සෑහෙන මිල අධික ක් ‍ රියාවලියක්. අමුද් ‍ රව් ‍ ය මිල දවසින් දවස ඉහළ යනවා. විවිධ වෘත්තීන්වල කාර්මික සහායකයන්ගේ පඩි නඩිත් ඉහළයි. ඉතින් ඒ වගේ ලොකු මුදලක් වැය වෙන ක් ‍ රියාවලියක ඒ වැය ශීර්ෂය පාලනය වෙන්නේ, කළමණාකරණය වෙන්නේ කවුරු අතින්ද? බොහෝ වෙලාවට කෙරෙන්නේ ගෙදර හදන අයම මේ කර්තව් ‍ යය සිදුකිරීමයි. ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. නිවැරදිව වෙළඳපොළ මිලගණන් පිළිබඳ අවබෝධයක් නැතිව ඒ වැඩේ කරන්න ගියොත් වියදම් වැඩි වෙන එකයි වෙන්නේ. මෙන්න මේ තත්ත්වය නිසයි Quantity Surveying නැත්නම් ප් ‍ රමාණ සමීක්ෂණය කියන වෘත්තිය නිර්මාණය වෙන්නේ. ලංකාවෙ මේ වෘත්තිය ගැන සමාජීය අවබෝධය අඩු...

Archi චැට් (දහය) ජෙෆ්රි බාවා

Image
Archi චැට් (දහය) ජෙෆ්රි බාවා ජෙෆ්රි බාවා කියන්නේ ලංකාවේ ආර්කිටෙක්චර් නූතන පුරාවෘත්තයේ මග හැර යා නොහැකි සන්ධිස්ථානයක්. දැන් වෙනකොට ජෙෆ්රි බාවා ගැන සෑහෙන්න ලියවිලා තියෙනවා. ඒ ගොඩක් ලියවිලා තියෙන්නේ ඉංග් ‍ රීසි භාෂාවෙන්. මමත් ඇතුළුව කීප දෙනෙක් සිංහලෙන් ජෙෆ්රි බාවා ගැන විවිධ ලිපි පළ කරලා තියෙනවා. ඒත් 'බාවා චැප්ටර්' එකක් නැතුව 'Archi චැට්' ලිපි මාලාව සම්පූර්ණ වෙන්නේ නෑ. ඉතිං මේ දහවැනි 'Archi චැට්' එක බාවා මහත්තයා වෙනුවෙන්. "බාවා ඉවරයි", "බාවා අධිපති පන්තියේ මතවාදියෙක්", "බාවා වැඩ කළේ ධනපති පන්තියට විතරයි", "බාවා සාමාන් ‍ ය ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරපු නැති ආර්කිටෙක්ට් කෙනෙක්", "බාවා නිසා ලංකාවෙ අනිත් දක්ෂ ආර්කිටෙක්ට්ලා මතු වුණේ නෑ", "බාවාගෙන් පස්සේ ගොඩක් ආර්කිටෙක්ට්ලා බාවා ආර්කිටෙක්චර් සම්ප් ‍ රදායෙම අනුගාමිකයන් වුණා මිසක් ඒ රාමුව බින්දෙ නෑ", "බාවාගෙ ගොඩනැගිලිවල අවකාශ හරිම මූසලයි, හිස්", "බාවා ලංකාවේ පරණ ආර්කිටෙක්චර් කොපි කළා", "බාවා ඉංග් ‍ රීසියෙන් හැදිලා වැඩිලා, ඉංග් ‍ රීසියෙන්...

Archi චැට් (නමය) අඩු වියදම්

Image
Archi චැට් (නමය) අඩු වියදම් අඩු වියදමකින් ගෙයක් හදන්නේ කොහොමද? වියදම අඩුවෙනවා කියන්නේ ගෙදරක තත්වය, නිමාව, පෙනුම වගේ දේවලුත් පහතට වැටෙනවාද? මිල අධික ක් ‍ රියාවලියක් වෙන 'ඉදිකිරීම්' ඇත්තටම අඩු වියදමින් කරන්න පුළුවන්ද? ආර්කිටෙක්ට්ලට අඩු වියදමකින් හදන්න පුළුවන් ගෙවල් නිර්මාණය කරන්න බැරිද? මේ ගැටලු අපේ වගේ රටක අපි නිතරම මුහුණ දෙන තත්වයක්. මේ ලියන්න යන අදහස් ටික තර්කයට, විවාදයට ලක්වෙන්න පුළුවන්. ඒත් කාලෙක ඉඳන් මම මුහුණදෙන සහ මගේ හිතේ එකතු වුණු මේ අදහස් ටික එළියට දාන්න ඕනෙ කියලා හිතුවා. වර්තමානයේ ගෙයක් හදන්න යන වියදම දළ වශයෙන් කීයද කියලා ප් ‍ රමාණ සමීක්ෂකයෙකුගෙන් (Quantity Surveyor) ඇහුවොත් කියන්නේ එක වර්ග අඩියක් සඳහා රුපියල් 7500ක් - 10000ක් අතර වියදමක් යනවා කියලයි. මොකද සාමාන් ‍ යයෙන් පිළිගත්ත අමුද් ‍ රව් ‍ ය සහ නිමාවන් සහිතව ගෙයක් හැදුවොත් ඒ වගේ වියදමක් යනවා. අඩුම ගාණේ වර්ග අඩියකට රු. 5000ක් වත් වියදම් වෙනවා. ඔව්, අඩු වියදමකින් ගෙයක් හදන්න පුළුවන්. හැබැයි එහෙම කිව්ව ගමන් කාමර පහක හයක විතර, වහලවල් හයක විතර, සුදු පාටින් පාට කරපු, ලියවැල් මෝස්තර සහිත, විශාල ලී ප් ‍ රංශ ජනේල, මාබල් වගේ...